Music Video

රන් මුදුවක | Supun Perera | Yasas Medagedara | Ran Muduwaka Lyrics
Watch රන් මුදුවක | Supun Perera | Yasas Medagedara | Ran Muduwaka Lyrics on YouTube

Featured In

Credits

PERFORMING ARTISTS
Supun Perera
Supun Perera
Performer
Aradhana Ekanayaka
Aradhana Ekanayaka
Performer
Yasas Medagedara
Yasas Medagedara
Music Director
COMPOSITION & LYRICS
Aradhana Ekanayaka
Aradhana Ekanayaka
Composer
PRODUCTION & ENGINEERING
Mahen Jecob
Mahen Jecob
Producer

Lyrics

රන් මුදුවක සිරවී තැවෙනා ලඳුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලග සැනසී ඉන්නේ
තනි යහනේ මා තැවෙනා හැමවාරේ
ඔබෙ පහසේ මා සිහිනෙන් සැනසෙන්නේ
මා තුරුළේ ඔබ නළවා සතපන්නේ
කවදාදෝ මේ සිහිනේ එළිවෙන්නේ
දුක වාවා නගනා හසරැල්
දුටුවා මා නුඹෙ හද මනසින්
වියැකී යන්නට පෙර රහසින්
මගේ දෝතට ගන්නම් සෙනෙහෙන්
ප්‍රේමය වින්දා
නුඹෙ ඇසුරේ නිවුණා
මුළු ජීවිතේම නුඹ මගෙ වීලා
අපි ආදරෙන් ඉමු ලංවීලා
නෙතු පාරා ගලනා කඳුලැල්
මා දෑතින් පිසලා සනසා
හද දවනා රිදෙනා මතකෙන්
නුඹ මුදවා රැකගමි සැමදා
ප්‍රේමය මා වින්දා
නුඹෙ ඇසුරේ නිවුණා
මුළු ජිවිතයම නුඹ මගෙ වීලා
අපි ආදරයෙන් ඉමු ලංවීලා
Written by: Aradhana Ekanayaka
instagramSharePathic_arrow_out