Top Songs By Sangeeth Wijesuriya
Sthuthi Sri LankaBathiya & Santhush, Kasun Kalhara, Shanika Wanigasekara, Roshan Fernando, Bachi Susan, Sangeeth Wijesuriya, Nirosha Virajini, Ashanthi De Alwis, Umaria Sinhawansa, Lahiru Perera, Randhir Witana, Dushyanth Weeraman, Centigradz, Shiva Kumar, Sahan Ranwala, Jananath Warakagoda, Himasha Manupriya, Sarith & Surith, Damien, Ayomi & Buddika
Lyrics
පින්වන්තියෙ මාගේ ප්රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූපශ්රියා මා සිත උමතු කළා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් නිතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ආදරේට ආදරේ සුපෙම්
දෑත පාමි ආදරේ නමින්
සඳ හා නැගී තරුවක්ව ලඟ ඉන්න
හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න
සිත හා බැඳී
මගෙ ලෝකේ මට ලංව
සැමදාම සනසන් ලඳේ
පින්බර සුදු ලඳුනේ
නෑ මා හඬවන්නේ
ලං වූ බැඳි ආදරෙන්
පින්වන්තියෙ මාගේ ප්රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූපශ්රියා මා සිත උමතු කළා
නොයිඳුල් මලේ සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා අඟනක් ය ලොව ඉන්න
මනරංජනා මනමාල සිත ලංව
ඔබහාම පැතුමන් පිරේ
සුන්දර වත ලංවී
ඒ හා නැලවෙන්නේ
කවදා සඳේ හැංගිලා
පින්වන්තියෙ මාගේ ප්රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූපශ්රියා මා සිත උමතු කළා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් නිතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ආදරේට ආදරේ සුපෙම්
දෑත පාමි ආදරේ නමින්