Lyrics

මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ
Writer(s): Gunadasa Kapuge Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out